අපගේ දැක්ම
රාජ්‍ය සේවයේ විශිෂ්ඨතම සේවා සපයන්නා බවට පත් කරමින් ප්‍රාදේශීය ජන ජීවිතය සමෘද්ධිමත් කිරිමඅපගේ මෙහෙවර
මහජන සහභාගිත්වය තුලින් හා මනා සම්පත් කලමනාකාරිත්වයෙන් සැලසුම් සහගතවූත්,සංවර්ධන ක්‍රියාවලියක් උදෙසා ජන ජීවිතය ඉහල නැංවීමට අවශ්‍ය සේවාවන් සැපයීම සහ රාජ්‍ය ප්‍රතිපත්තින් ක්‍රියාත්මක කිරිමයි.කන්තලේ
කන්තලේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාශය ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සිට කිලෝ මීටර් 45 කට වඩා දුරින් පිහිටා ඇති සුන්දර ස්ථානයකි.
කොට්ඨාශයේ මායිම වන මහවැලි ගඟ, කන්තලේ වැව හා වනගහනයකින් මෙම ප්‍රදේශයේ සුන්දරත්වය වඩවයි. කන්තලේ නාමය පිලිබඳව
බොහෝ පැහැදිලි කිරීම් ඇති අතර වඩාත්ම ජනප්‍රිය පැහැදිලිකිරිම වන්නේ 'ගෝන්තාලව' යන්නෙන් බිඳී ආවක් බවයි. මෙම කොටිඨාශයේ
වටිනාම සම්පත වන්නේ කන්තලේ වැවයි. 6 වන ශතවර්ෂයේ දෙවන ඇග්බෝ රජු විසින් එය ගොඩනගා ඇත.
කන්තලේ ප්‍රෙද්ශයේ ජනතාවගේ ප්‍රධානතම ආදායම් උත්පාදන මාර්ගය වන්නේ වී වගාවයි. කන්තලේ සිනි කර්මාන්තශාලාව ලෝකය
පුරා සුප්‍රසිද්ධ ස්ථානයක් විය. මෙම කර්මාන්තශාලාව ඇතිකිරිමත් සමඟ විශාල ජන සංඛ්‍යාවක් ප්‍රෙද්ශයේ පදිංචි වූ අතර දකුණු ආසියාවේ
විශාලතම සීනි කර්මාන්තශාලාවලෙස ද එය නමක් දිනා ගත්හ.
කන්තලේ ජනගහනය සිංහල, මුස්ලිම් සහ දෙමල ජනවර්ග වලින් සැදුම්ලත්ය. එසේම, ඔවුන් එකිනෙකා අතර හොඳ අවබෝධයකින් යුතුව
ජීවත් වෙති. කන්තලේ ඉපැරණි ස්ථානයන් ලෙසකන්තලේ වෙල්ලුන්න පන්සල, වාන් ඇල පන්සල, සූරියපුර සහ පේරමඩුව යන ස්ථානවල
ඓතිහාසික නටුඹුන් දක්නට ඇත. මෙම ස්ථානයවන් නැරඹීම සඳහා සජචාරකයන් වැඩි වශයෙන් පැමිණෙති.සෑම තැනකදීම සංචාරය කිරීමට
ජනයා උනන්දු වූහ. කන්තලේ පිහිටා තිබෙන්නේ ස්වාභාවික සම්පත් සම්පුර්ණ ස්ථාන, දුම්රිය ස්ථානය, සුවිසල් බස් නැවතුම්පොළ, දුමිර්ය
ස්ථානය ආදී මෙම සියලු සාධක කන්තලේ ඉහළ තත්ත්වයේ පරිපාලන ස්ථානයක් බවට පත් කරයි. ජනගහන තොරතුරු ජාතිය පුද්ගලයන් ගණන සිංහල 40467 දෙමළ 1748 මුස්ලිම් 8746 කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉතිහාසය
1992 ට පෙර කන්තලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය උප දිසාපති කාර්යාලය ලෙස නම් කරන ලද අතර එය පාලනය කරන ලද්දේ සහකාර
ආණ්ඩුවේ ඒජන්තවරයා විසිනි.1992 ජූනි මාසයේ සිට මෙම කාර්යාලය වැඩි වශයෙන් පහසුකම් සහිතව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයක් බවට
පරිවර්තනය විය. මෙම කොට්ඨාශයට ග්‍රාම නිලධාරි වසම් විසි තුනක් ඇත.
1983 වසරේ සිට සේවය කල ආයතන ප්‍රධානින්
| නම | තනතුර | සිට | දක්වා |
| එම්.සි.දිසානායක | අතිරේක දිසාපති | 1983 | 1987 |
| ආර්.ඒ.පී.රත්නායක | අතිරේක දිසාපති | 1988 | 1991 මැයි |
| කේ.එස්.ඉද්දගොඩ | අතිරේක දිසාපති | 1991 ජුනි | 1992 ජුනි |
| කේ.එස්.ඉද්දගොඩ | ප්‍රාදේශීය ලේකම් | 1992 ජුනි | 1993 මාර්තු |
| ඩබ්.ඩි.එම්.එන්. පර්මිනාස් | ප්‍රාදේශීය ලේකම් | 1993 මාර්තු | 1994.05.01 |
| ඒ.විජේදාස | ප්‍රාදේශීය ලේකම් | 1994.05.05 | 2001.09.08 |
| ඩබ්.ඒ.ගුණතිලක | ප්‍රාදේශීය ලේකම් | 2001.09.09 | 2002.01.06 |
| එස්.ඩී.පියදාස | ප්‍රාදේශීය ලේකම් | 2002.01.17 | 2004.01.06 |
| බී.එන් ඩි.කුමාර | ප්‍රාදේශීය ලේකම් | 2004.10.20 | 2005.03.30 |
| සිරිමෙවන් ධර්මසේන | ප්‍රාදේශීය ලේකම් | 2005.08.01 | 2007.03.07 |
| යූ.ජේ.එම්.එස්.එස්.බි.ජයසිංහ | ප්‍රාදේශීය ලේකම් |
2007.03.08 |
2014.02.20 |
| කේ.පී.පේමදාස | ප්‍රාදේශීය ලේකම් | 2014.02.20 | 2019.02.04 |
| එන්.එම්.උපේක්ෂා කුමාරි | ප්‍රාදේශීය ලේකම් | 2019.02.05 | මේ දක්වා |














